අබේරත්න මේසේ උඩ තිබුණ කෑම පෙට්ටි දෙක පරෙස්සමින් ඩිකියට දා ගත්තා. සර්
කෑම එක කොටු වැටුන දිස්නේ ගහන සර්වියට්
එකකින් බැඳලා තියනවා. ඉරි තියන සාමාන්‍ය
සර්වියට් එකකින් බැඳලා තියෙන්නේ අබේරත්නගේ කෑම එක. මේක අබේ ආව දවසේ ඉඳලාම වෙනස්
නොවෙන දෙයක්. අමාත්‍යාංශයෙන් සර් ට දීලා තියන රියදුරු තමා අබේරත්න. එයා මීගොඩ ඉඳන්
බස් එකේ ඇවිත් කොට්ටාවෙන් බැහැලා සර්ගේ ගෙදරට යනවා හත වෙනකොට. හත හමාරට සර් ව කාර්
එකේ දාගෙන අමාත්‍යාංශෙට යනවා අට හමාර වෙන්න කලින්. ආපහු ගෙදර එන වෙලාව නම් කියන්න
බෑ. වැඩ ඉවර වුනාම , රැස්වීම් ඉවර වුනාම තව කොන්ෆරන්ස්, සෙමිනාර්, හදිසි සාකච්ඡා
ඉවර වෙලා තමයි එන්න වෙන්නේ.
මීට කලින් අබේරත්න වැඩකරපු තැන සර් නම් හතර හමාර වෙනකොට ගෙදර එන්න
පිටත් වෙනවා. ඒත් අතර මගදී අබේ දහ පොළක විතර බැහැලා බඩු එකතු කරනවා. අඳුරන
කෙනෙක් හම්බ වුනොත් කියන්නේ එ් ගෙදර වැඩට ඉන්න මනුස්සයාට සනීප නැතුව අද බඩු
ගන්න එයා ආවා කියලා. එහෙම කරලත් ගෙදර ගියාම බේබිලාගේ ඉස්කෝලේ වැඩ වල ගේන්න
කියපුවා හදලා දෙන්න වෙනවා. නැත්තං පන්ති ඉවර වුනාම එයාලව ගේන්න යන්න වෙනවා. එපාම කරපු දේ තමා ඒ ගෙදර
පාටියක් තියන දවසට ඇවිත් උදව් වෙන්න කියන එක
“ තමුසේ ඩ්‍රයිවර්නේ බොන්න එහෙම ලෑස්ති වෙන්නෑ..” පරණ සර් කියනවා.
මදිවට බයිට් එකක්වත් නෑ. රෑ දෙගොඩ
හරියේ පාටිය ඉවර වුනාම වෙරි වෙච්ච මහත්තුරු ගෙවල් වල ගිහින් දාලා ආපහු යන්න පිටත්
වෙන කොට ඔය ඉතුරු බිතුරු දාලා හදලා දෙන බත් එක දික් කරන කොට අබේට දැනෙන කේන්තිය කියන්න බෑ.
අපරාදේ කියන්න බෑ දැං සර් ෙග් ගෙදරින්
නම් උදේ කෑමත් දීලා, දවල් කෑමත් දීලා ගොඩක් රෑ වුන දවසට රෑටත් කන්න දීලා තමයි අබේව
ගෙදර යවන්නේ. අබේ තනිකඩයා. අම්මාත් ගොඩක් වයසයි. පාන්දර නැගිටලා උයන්න අමාරු නිසා
ඉස්සර අබේ කෑවේ කඩෙන්. දැං සර් කෑම දෙන නිසා පඩියෙන් සෑහෙන ගානක් මාසේ අන්තිමට
ඉතුරු වෙනවා.
දවල්ට කෑම කන්න අමාත්‍යාංශෙ ඩ්‍රයිවර් ලා
ඔක්කොම එකතු වෙනවා කැන්ටිමට. ඕපාදූප දැනගන්න කියාපු තැන. ගෙවල්වල ඒවයි,
ඇමතිතුමාගෙන් සර් ලා බැනුම් අහපුවයි, සර් ලගේ රට සවාරියි ඔය හැමදේම දන්න අය තමා ඩ්‍රයිවර්
කියන්නේ. සමහර සර් ලා ගැන කියන කතා අහපුවාම නම් ටයි කෝට් දාගෙන ආවට වැඩක් නෑ කියලා හිතෙනවා.
ඇයි මෙතන ඒ ඔක්කොම ගලවනවනේ. මේ කතා බොහොම උනන්දුවෙන් අහගෙන ඉදලා ඔෆිස් එක පුරාම
ඒවා පතුරන කොටසකුත් ඉන්නවා. තමන්ට නිවාඩු අනුමත නොකරපුවාම, හොර නිවාඩු පොතේ දාන්න
කීවාම නැත්තං කෑමට ගිහින් හරියටම පැයෙන් ඇවිත් ඉඳගන්න කිවාම සර් ලට විරුද්ධව කියන්න
දෙයක් තියෙන්නත් එපැයි!
අබේරත්න වැඩිය මේ කතා වලට හූමිටි
තියන්න යන්නෑ. අනිත් අය කියන්නේ සර් ෙග් රස්නේ වැදිලා කියලා. පිළිවෙලකට ජීවත් වෙන
අයට ටිකක් අනික් අයගේ අකමැත්තකුත් තියනවනේ.
ඒ කොහොම වුනත් බත් එක දිගෑරගත්තම නම් නොවැරදීම ළං වෙන කීප දෙනෙක්ම ඉන්නවා.
ඒ කාගේවත් කෑම එකක් අබේට හම්බවෙන බත් එක තරම් සරු නෑ. ළං වෙන අය බත් එකට අතදාලා
මාලු කෑල්ලක් හරි මස් කෑල්ලක් හරි ගන්න ගමන්
තමන්ගේ බත් එකේ මෙලෝ රහක් නැති මොකක් හරි
වෑංජනයක් අබේගේ බත් එකට හලනවා. සර්ලගේ ගෙදරින් බොහොම පිරිසිදුව හදලා දෙන
කෑම එකට එක එකා ඇඟිලි ගහන්න පටං ගත්තම
බඩගින්නත් අතුරුදහන්. අන්තිමට අනිත් අයට කන්න ඇරලා අබේ නැගිටිනවා කෑම එක
දාලා. අනිත් අය ඒ කන ගමන් අබේට තුන්වේල ඒ ගෙදරින් කන්න හම්බවෙන එක ගැන ඇනුම්පදත්
කියනවා. නොවැරදි ම සොයිසා ඒ කියන්නේ
ලේකම්තුමාගේ ඩ්‍රයිවර් තැන එතන ඉන්නවාමයි. මිනිහට කියන්නේ හැකර සොයිසා
කියලා. ඕනම කෙනෙකුගේ කෙන්දක් කන්ද කරලා ගන්න උපන් හපන් කමක් තියන පුතයෙක්!
“ඈ අබේ ... උඹට කරවල දීලා සර් ලා නම්
කනවා ඇති තෝර මාලු.... මොකද්ද මචං බල්ලට දාපන්කෝ මේ කෑම එක”
හැකර
සොයිසා එහෙම කියන්නේ හොඳම කරවල කෑල්ල අරගෙන තමන්ගේ දිය හොදි බත් එකට දාගන්න
ගමන්.
කෑම එකේ මාළු තිබුනොත්
“මොකද්ද අබේ උඹලට කටු මාළු දීලා මහත්තුරු හොඳ
කෑලි කනවා ඕක තමයි පාලක පන්තිය හැමදාම කරන්නේ. අපට හැමදාම පිඩනය තමා” කියනවා.
දවසක බත් එකට එබිලා එදාට බිත්තර තිබුණෝතින් අබේට කුකුල් මස් නොදී ලාබ
බිත්තරයක් දිලා කියනවා.
“ සහෝදරයා, උඹලට නාඩු හාල් කවලා
සුපිරි පන්තිය බාස්මතී කනවා....මේක තේරුම් ගන්න බැරිතාක් උඹට වෙන්නේ ඔතනට
කඹුරන්න...”
ඒවට උල්පන්දම් දෙන්න කට්ටිය ඕන තරම්.
“ හැබෑව. ඔය ගෙවල් වල ඩ්‍රයිවර්ලට,
වැඩකාරන්ට වෙනම උයනවා. වෙනම කියන්නේ ඔය සෙකෙන්ඩ් කොලිටියේ ඒවා...”
තමන්ටත් එහෙම වෙනවද කියලා අබේ මතක්
කරනවා. ගමෙන් ගෙනාව දෙයක් වුනත් තමන්ට කොටසක් සර් ගේගෙදරින් ලැබෙනවා නේද කියලා
හිතට එනවා. හිතා මතා තමන්ට වෙනස් කමක් කරලා සලකලා නැති බව තමා දැනෙන්නේ. ගෙදර ඉන්න අනිත් සේවකයන්ට වුනත් සැලකිල්ලේ
වරදක් කවදාවත් අබේ දැකලා නෑ.
ඒත් සොයිසලා මෙච්චර මේ කියන්නේ එයාලගේ
අත්දැකීම් නිසා නේද? තමන් උදේ සුක්කානම කරකවන්න පටං ගත්තම සමහරදාට රෑ දොළහ වෙනකොටත්
ඒකෙන් නිදහසවෙලා නෑ නේද කියලා අබේට දැනෙන්නෙ ආත්ම අනුකම්පාවක් එක්ක. සර් ට නගින්න බහින්න දොර අරින්න , බෑග් එක ඔෆිස් එකට අරං
යන්න, අර තදබදේ එක සීරුවට වාහනේ ගාවන්නේ නැතුව ගෙනියන්න ඉන්න මට සලකන්න ඕනෑ තමයි
අබේට හිතෙනවා. අපිත් මනුස්සයෝනේ. අපි දෙන්නම රජයේ සේවකයොනේ.
“සහෝදරයා අපි මහජන සේවකයෝ. හැමෝම බදු
සල්ලි වලින් පඩි ගන්නේ. ඒකට පන්ති බේදයක් නෑ”
හැකර සොයිසා කියන කතාවත් ඇත්ත තමා.
ඇත්තට හිතුවොත් අපේ ශ්‍රමය සූරා කනවා
කියන්නේ මේක තමා. මම මේ වාහනේ කරකැව්වේ නැත්තං කොහොමද සර් මෙතෙන ඉන්නේ. අබේගේ හිත
සැරෙන් සැරේ වෙනස් වෙනවා. එදා නම් හිත නරක් වෙලා තිබුණේ ටිකක්. කලින් දවසම සුද්දන්ගේ
මිටින් ඉවර වෙනකල් හෝටලේ රස්තියාදු වෙවී ඉන්න වෙච්ච එකට. අනික් අය කැන්ටිමට වෙලා
කකා බිබි කතා කර කර ඉන්නවා ඇති කියලා අබේට හිතුණා . එක අතකට මටත් පූල් එකේ ඩ්‍රයිවර්
වෙන්න තිබුනේ. සොයිසත් ඔය කියන්නේ ලේකම්තුමා එන්න දෙන්නේ නෑ මිසක් නැත්තං එයා පූල්
එකට එනවා කියලා.
“අබේරත්න සහෝදරයා මම කියනවට එක දවසකට
ලොක්කගේ කෑම එක අරං බලනවකෝ. තමුසෙට එදාට පෙනෙයි ධනපතියන්ගේ ජිවිත දර්ශනය. ඔය..
කියනකොටත් තමුසේ බයයි. මේ මානසිකත්වය අපි අවබෝධ කරගත්තේ නැත්තං කිසි දවසක අපට
විප්ලවයක් ........................”
සොයිසා කතාව නැවැත්තුවේ අබේ නැගිටලා
යන්න ගියපු නිසා.
එදා අබේගේ හිතෙත් මේ විප්ලවීය වෙනස වුනා. සර් කාර් එකෙන් බැහැලා
ගියාට පස්සේ එයා තමා කෑම එක ලන්ච් රෑම් එකෙන් තියන්නේ. අබේ හිමිහිට කෑම පෙට්ටි
දෙකේ සර්වියට් මාරු කලා. එදා පීඩිත පන්තියෙ කෑම එක ගියා ධනපතියන්ගේ කාමරේට.
දවල් කෑම වෙලාවෙදි අබේ ඉඳගත්තතේ
සොයිසට කෙලින්ම පේන මේසෙක. විප්ලවය පටන් ගත්ත හිතේ සතුටත් එක්කම කෑම එක ඇරියා. අබේගේ
සතුටු මූණ දැකලා සොයිසත් පුටුවෙන් පැනලා වගේ එතෙන්ට ආවා. හිමිහිට දැවටුම ඇරුණා.
රතු හාල් බත් හැන්දකුයි, තම්බපු බිත්තර සුදු මද දෙකකුයි, කැරට් අලයකුයි , මිරිසට
උයපු මාළු කෑල්ලකුයි ධනපති පන්තියේ දවල්
කෑමට තිබුණා.
Malkanthi Jayarathne
ReplyDeleteHoda sankalpanawak renu. Oyage katha wilashayata mama kamathiy
Like • Reply • 43 mins
thanks tiki. your comments ask me to continue writing.
DeleteChamalee perera
ReplyDeleteRenu.. its really interesting to read your writing. I enjoy them a lot. I can imagine everything when i'm reading and its coming like a drama to my mind. Keep writing.. best wishes..
Chandanie Kumari Keep writing dear....it's a pleasure to read
ReplyDeleteIndika Arundathie Gamage Wow! Nice Renu!
ReplyDeleteUththara Gunasekara Intresting to read renu. ☺
ReplyDeleteNisansala Ranundeniya
ReplyDeletevery interesting...
Find time for that... In office, got a free time. Very interesting akka.. keep it up
Inoka Balasooriya
ReplyDeleteharima lssanai renu.
Stock theme among the driver community.A coherent narrative. Pleasure to read.
ReplyDeleteAnoma Thilakasiri
ReplyDeleteසිංහලෙන් type කරන්න හිතුනා..මිනිස්සුන්ගේ හිත්වල තියන ආකල්ප ගැන හරි අපුරුවට මේ කතාවෙන් කියවෙනවා රේණු.ඒ වගේම මිනිස්සුන්ව වෙනස් කරන්න ඒ ආකල්ප කොච්චර බලපානවාද කියන එක...කොයි තරම් හිතුවත් කරන්නම හිතෙන තරමේ බලපැමක් ඇති කරන්න පුළුවන් මිනිස්සුන්ගේ කතා..අසුරු සැනින් වෙනසට පෙළඹෙන හිත....ඒ වගේම වැරදියි,වැරදියි,කියලා හිතන මිනිස්සුන්ගේත් හොද තියනවා කියන දේවල්....
ඒ හැමදේම කියවෙනවා රේණු...හරිම අගෙයි..විශිෂ්ටයි
ඔයාගේ කමෙන්ට් එක මගේ කතාවට වඩා වැදගත්. මම කියන දේ ඒ විදිහටම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියන එක හරිම සතුටක්. ඔයාගේ රැකියාවෙනුත් මේ හැකියාව එනවා. එහෙම බලද්දි ඔයාගෙන් ඉගන ගන්න ළමයි හරිම වාසනාවන්තයි. අපි කැම්පස් ඉද්දී වුනත් මේ වගේ අත්දැකීම් ඕන තරම් ලැබුවා නේද? ඒ වුනත් ඒ කාලේ මහා බරපතලක් දැනුනේ නෑනේ. දැං කොහොමද? මම ලියපුවා ‘ඔක්කොම නම් කියවන්න වෙලාවක් නැතුව ඇති. පුලුවන් වෙලාවට කියවන්න. ඔයාට ගොඩක් ස්තුතියි සිංහලෙන්ම ලිවුවට . ඒක ගොඩක් හිතට දැනුනා.
Sudarshi Ranawaka
ReplyDeleteVery interesting renu
Renu..you might be the wife of second boss...is this your true story? Are you the one behind the scene.That's how I fell with your creativity" there is a woman behind the every successful man"
ReplyDeleteYou are quite true. But this is between real experience and creation! Thanks for reading and comment. Hope you continue reading
DeleteRanil Wijayathilake
ReplyDeletePattama patta