වටපිට බලලා පන්සලේ දැහැත් වට්ටියෙන් කටේ දා ගත්ත දුං කොළේ සැරට බිසෝ
මැණිකෙගේ කනින් දුං පිටවුනා. උදේ පින්නෙම
පන්සලට ආවේ කනුවක් අල්ලාගෙන සිල් සමාදන් වෙන්න
හිතාගෙන. ඒත් ගිය පෝයට ඉඳගත්ත ගමන්ම කට්ටිය තාමත් ඒ තැන්වලම හිටිය නිසා ඒ
වැඩෙත් බකල්. වෙනදා ගෙදර ළගින් වැට පැනලා ලලිතාගේ ගෙදර හරහා ආවා නම් පරක්කුවක් නෑ.
ඒත් ඒ යාළුකම් පලුදු වෙලා නිසා මම නම් හතර හන්දි කැඩුනත් උන්ගේ මිදුලේ පස් පාගන්නෑ
කියලයි බිසෝ කීවේ. ලලිතාගේ දුව චින්තා, කැම්පස් තේරුන එක හතර පෝයට සිල් ගත්ත බිසෝට
ඉහලුම් දුන්නෑ. ලොකු කොල්ලට බන්දලා දෙන්න බලා ගෙන හිටියට දැං නම් ඒකිව අල්ලන්නවත්
වෙන්නැති බව බිසෝ දන්නවා. ලලිතාටත් දැං සිල් ගන්න උනන්දුවක් නෑ. ඇයි දෝණියැන්දා
ඉන්නවනේ හතර වරිගේ ගොඩදාන්න. හිතේ පටලැවෙන මේ රොඩු බොඩු නිසා අන්තිමට වුනේ දුර
පාරකින් ඇවිත් පන්සලේ කනුවත් නැති කර ගත්ත
එක.
හාමුදුරුවො
උපාසක කට්ටියට සිල් දීලා පන්සලට වැඩියා. උදේ දානේ අරගන හැමෝම පුංචි පුංචි රවුම් හදාගෙන ධර්මයේ සැකමුසු තැන් විචාරනවා. ගිය
පෝයට ආවෙත් නැති දැන ගන්න දේවල් බොහොමයක්
තියනවා. දුංකලේ කටේ දාගත්තා විතරයි කන් අගුලු වැටුන එකයි ඔලුවේ බර ගතියයි ගියාට
කොන්දේ හීන් කැක්කුමක් උඩ පහල දුවනවා. ඒ
හැමදේකින්ම බිසෝ ගේ හිතේ නොරිස්සිල්ලක් ඉපදුනා. ඒ නොරිස්සිල්ලේ හරි මැද ඉන්නේ
ලලිතාගේ දුව චින්තා. ඇත්තටම ඒ කෙල්ල කැම්පස් නොයන්න මේ මොකවත් වෙන්නෑනේ.
“හැබෑට! ”
ගිය සතියේ
ධර්ම සාකච්චාව ගැන අඩු වැඩිය සපයන කවයෙන් එක්කනෙක් කටහඩ උස් කරලා ඇහුවා. ඒ උපාසක
අම්මගේ මූණේ තිබුන පුදුමය දැකලා බිසෝ ඉක්මනට ඒ පැත්තට ඇදුනා. මොකක් නමුත් තමන්ගේ
හිතට සතුට දෙන එතන කතා වෙන බව දැනුනා.
“අනේ
අක්කේ මුල ඉඳලම කීවනං කතාව..... මමත් ගිය
පෝයට බත් තම්බ තම්බා ගෙදර. අදත් නාවා නම් කිසි දෙයක් දැනගන්න වෙන්නෑ...” ඒ තව
කෙනෙක්
“මොකද්ද
නම කීවේ ? “ ඒ තවත් කෙනෙක්.
“චිං--“
ලොකු උපාසක අම්මා නම කීවේ හෙමිහිට.
බිසෝ
මැණිකෙට ඇහුනේ මුල අකුර විතරයි.හිතේ විදුලියක් කෙටුවා වගේ සතුටක් දැනුනා. ඒ කීවේ
චින්තා ගැන නේද? . මොකක් නමුත් අඩව්වක්
අල්ලලා වගේ. ඕනවට එපාවට
ඒ කතාව දිහාට ඇදුනාවගේ පෙන්නුවාට බිසෝගේ හිතේ නොඉවසිල්ලට කතාව කියපු කෙනාව
හොල්ලලා ඉතුරු ටික අහගන්න තරම් හිතුනා.
“එන්න
බිසෝ අක්කේ ... හොඳ කතාවක් තියනවා අහගන්න”
“අනේ අපිට
මොකටද අනුන්නේ දේවල්... කමන් නෑ.. මම නම්
මේ බල කරන නිසා අහනවා..’
ලොකු
උපාසක අම්මා කතාව පටන් ගත්තා
“මම නම්
මේක අපේ හාමුදුරුවෝ නොකියන්න විස්වාස කරන්නෑ. අනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ
වුනානේ. චීවරයක් දරාන ඉන්න උන්නාන්සේටත් ඉන්න දෙන්නේ නැති අඟනෝ...’”
ලොකු
උපාසක අම්මාගේ කටින් පිට වෙන වචනයක් ගානේ බිසෝ මැණිකෙගේ හිතේ ඇදෙන්නේ චින්තාගේ
රූපේ. පොත්ත රතු වුනාට ළමිස්සියෙක් ගෙන් වැඩක් තියේද? අනේ අපේ කොල්ලට ඕන නෑ මෙහෙම
කතා හදා ගත්ත එකියක්. ඒත් හෙට අනිද්දට උපාධියක් අරං ඇවිත් ආණ්ඩුවේ රස්සාවකට යනකොට?
එක අතකට මේ හදාගෙන තියන පදේ හින්දම ලලිතා කැමති වෙන්නත් පුළුවන් අපේ කොල්ලට චින්තා
කසාද බන්දලා දෙන්න. අපිත් ටිකක් අදිමදි කරලා තමයි කැමති වෙන්නේ.
“උන්නාන්සේ
පස්සෙන් සෑහෙන කාලයක් ඇවිත් තියනවා ආපහු ගිහිගෙට ගන්න බලාගෙන. කොච්චර දර්මේ කියලා
දුන්නත් කනකට ගත්තේ නෑ කියන්නේ....” ලොකු උපාසක අම්මා කටහඩ තාලයකට උස්පහත් කරනවා.
එතකොට මේ
පටලැවිල්ල ඇතිවෙලා තියෙන්නේ මේ කෙල්ල දහම් පාසල් යන කාලෙද? අපි නායක හාමුදුරුවන්‍ට
කීවා පන්සලේ දහම් පාසලට කෙල්ලෝ කොල්ලෝ ඇවිත් දඟලනකොට මේවා වෙයි කියලා. කොලු හාමුදුරුවරුත් පැනලනේ දහම් පාසලේ උගන්නන්න
ආවේ. අපේ කොල්ලා දහම් පාසල් එන්න අදිමදි කරෙත්
මේකයි හොරේ එහෙනම්. මං දැනං හිටියා නම් කොහොම හරි කොල්ලව එවනවා. එතකොට මේ
කෙල්ල උනත් හාමුදුරුවෝ පස්සෙන් යන එක නවත්තයිනේ. බිසෝ මැණිකේ තමන්ගේ හිතත් එක්ක
කතාව.
“’ටික
කාලයක් යනකොට මේක කටින් කට ගිහිල්ලා දායකයනුත් උන්නාන්සේ ගැන සැක පහල කලාලු. ඇයි
මේ අඟන කියනවාලුනේ සම්බන්ධයක් තිබුණාමය කියලා.
සමහරු ඒක විස්වාස කලාලු. සමහර අය නැතිලු. වැඩේ තියෙන්නේ’ ගොඩක් අය දැකලා තියනවනේ
නිතර දෙවේලේ පන්සලටම වැදිලා හිටපු හැටි. අන්තිමට මිනිස්සු උන්නාන්සේට බොහොම පරිබව
කරලා කතා කරාලු”
මිනිස්සු
පන්සලයි අතරේ මේ වගේ වෙච්ච දෙයක් නම් බිසෝට මතකයක් නෑ. කොහොමත් තමන් සීට්ටු
දානයක්වත් අරං පන්සල පැත්තේ ආවේ ගියේ නෑ කියලා මතක් වුනා ඒත් එක්කම. ඉඳලා හිටලා
කටිනයකට අතගැහැව්වට වෙසක් පෝයටවත් සිල් ගත්තේ නෑ ඒ කාලේ. අනේ මොකට ඇවිත් දානේ
දෙනවද? බලං යනකොට කෙල්ලො හාමුදුරුවන්ගේ ඇගේ ගහන්න බලාගෙන ඉන්න අම්මණ්ඩිලා තමයි මේ
හතර පෝයට ඇවිත් පන්සලේ වැටෙන්නේ. අනුමානයක් නෑ ඔය කෙල්ල විස්ස විද්‍යාලේ ගිහින්
නෑ. විභාගේ පාස් වෙලත් නැතිව ඇති. මේ හාමුදුරුවොත් එක්ක නටන්න හදපු නාඩගම වැරදුනාට
පස්සේ ලලිතා හිමීට කෙල්ල ගමෙන් පිට කරන්න ඇති. ඇයි දෙය්යනේ ගමේ තියාගන්නේ කොහොමද? මදෑ කපටි කමක තරම. බිසෝගේ
හිත ටික ටික සීතල වෙනවා. බණ පදයක් ඇහුවේ නැති වුනත් දැං නම් හිතට නිවනක්.
තවත්
ටිකක් ලොකු උපාසක අම්මා ළඟට කිට්ටු වුනේ වෙලා තියෙන දේ සහසුද්දෙන් දැන ගන්න.
“හැබැයි
උන්නාන්සේට නිග්‍රහ කරලා මේ අඟන ගියේ කොහාටද දන්නවාද?”
“කොහාටද
අක්කේ? බිසෝ කලබල වෙලා ඇහුවා.
“අවිචි
මහා නරකාදියට...තාම පැහෙනවාලු.....”
බිසෝ
අන්දුන් කුන්දුන් වෙලා අනිත් අය දිහා බැලුවා. ඒ අය කාටවත් ප්‍රශ්ණයක් නැති ගානයි.
“එතකොට
අක්කේ මේ කෙල්ල විස්ස විද්‍යාලේ ගියේ නැද්ද?”
“ මොන
කෙල්ලද? කවුද? “ ලොකු උපාසක අම්මා බිසෝට වැඩිය අන්දුන් කුන්දුන්.
“ඇයි ඔය
කිව්වේ ලලිතාගේ කෙල්ල චින්තා... කොයි දැං ඒ කෙල්ල?”
“මොකක්? මේ ගිය සැරේ බණට හාමුදුරුවෝ කියපු චිංචි
මානවිකාවගේ කතාව......”
Malkanthi Jayarathne
ReplyDeleteNiyamai Chiththa rupa mevila penunaa
Nice one after long silence
ReplyDeleteDear renu... i was wondering why you r silent for so long. I really enjoy your writings.it reminds me of some genuine sense which we had long ago... your writing style always moves me....
ReplyDeleteThanks for reading
DeleteRenu.. I imagined all this story like a drama..
DeleteThanks unknown, I was busy with my post graduate last few months. Very happy to hear that you like my writing. Please continue reading!
ReplyDeleteDul Rathnayake when i read your story still i can remember real ones like biso who were going to the temple .women like biso are really among us even modern versions can find specially may be your and my work place
ReplyDeleteUththara Gunasekara
ReplyDeleteRenu mama oya story eka kiyanawa wage imagine kiyeuwa. Niyamai keep it up.your talented
Lakmali Jayaratne
ReplyDeleteමදෑ ඕපයක් අහන්න බලා ගෙන හිටියා...හිකිස්
Menuka Jayaratne
ReplyDeleteඇති යන්තං ලියන්න පටං ගෙන....
Indika Arundathie Gamage
ReplyDelete! Really nice! Happy that you have started writing again! 😀
Sudarshi Ranawaka
ReplyDeleteHari lassanai renu
Chintha Bulatsinghala
ReplyDeleteVery nice. But the name of the daughter of Lalitha confused me. ??