රිලව් කියන්නේ පේරාදෙණිය
කැම්පස් එකේ මතකයන්ගෙන් කොටසක්. මිනිස්සු පැවතගෙන එන්නේ රිලවුන්ගෙන් කියලයි
හිතෙන්නේ ඒ හැසිරීම දැක්කම. කැම්පස්
පාරවල් , හොස්ටල් වටේම ගස් කොළන් තියන නිසා අපි සහ රිලවු අතර හොඳ සමාජ ආශ්‍රයක්
තිබුණා. මේ ආශ්‍රය හොඳටම වැඩි දියුණු වුණේ දෙවනි අවුරුද්දේ ඉඳන්. අපි හිටියේ
සංඝමිත්තා ක්ලස්‍ටර්ස් වල. එහා පැත්තෙන් මහවැලි ගඟ. රිලා ආකර්ෂණය තියන කැලෑවක්
තිබ්බේ. ඒකේ රිලව් තට්ටු ගෙවල් හදාගෙන පදිංචි වෙලා හිටියා.
මම අවුරුදු හතරක
අත්දැකීම් වලින් දන්නවා රිලව් කැමති නිල් පාටට කියලා. අපේ රෙදි හෝදලා වැඩි
පරෙස්සමට කටුත් ගහලා වැලේ දැම්මාම උදේ අට වෙනකොට රාජකාරියට වාර්තා කරන රිලව් ටික
ඉස්සරලාම කරන්නේ කටුව ගලවාගෙන කටේ දාලා දෙකට කැඩෙන්න හපන එක. ඊට පස්සේ නිල් පාට
ඇඳුම් ටික තෝරලා තමන්ගේ සර්වාංගයම ඒවායෙන් පිහ ගන්නවා. අනිත් ඇඳුම් ටික කැමති
විදිහට හපන්න, පාගන්න නැත්තං කඹ අදින්න යොදාගන්නවා. කොහොමත් රෙදි වැලේ තියන හැම
ඇඳුමකම පශ්චාත්භාගය ගාගෙන තමා හැම එකාම වහලට පනින්නේ. ඒ රෙදි සතියක් පෙඟෙන්න
දාලා හේදුවත් රිලා ගඳ යන්නෑ.
සංඝමිත්තා එකේ
ඉද්දී රිලා රංචුවක නායකයා වගේ හිටියේ තඩි
රිලවෙක්. ඒකට අපි කිව්වේ හර්ෂ කියලා. ඒකට
හේතුව අපේ යාලුවෙක් හිටියා ඒ සයිස් එකේම. එයාට උපහාරයක් විදිහට තමා ඒ නම දැම්මේ.
උදේ පාන්දර රිලා රංචුව
ඇවිත් අපේ රෙදි මිරිකන කොට
" අන්න හර්ෂ ඇවිත්
ඔයාලගේ රෙදි ගෙනියනවෝ...." කියලා කවුරු හරි කෑ ගහනවානේ.
ඒ වෙලාවට අපේ සබ් වෝඩ්න්
බූසෑ කොණ්ඩෙත් අවුල් කරගෙන නයිටිය පිටින්ම එළියට පනිනවා ඒ පණට ආදරේ නැතුව හොස්ටල් එකට පැනපු කොල්ලා
මොකාද බලන්න. මුලදී නම් අපට කෑ ගැහුවා විකාර නම් සත්තුන්ට කියන්න එපා කියලා . පස්සේ
පස්සේ එයත් කියන්න ගත්තා
"ළමයි ඔයාලගේ වැරදි
නිසා තමයි හර්ෂලා හොස්ටල් එකට පනින්නේ" කියලා.
ඒ දවස්වල මේන් හෝල් එකේ
මොනවද අලුත් වැඩියාවක්. සිමෙන්ති බාල්දි උඩට අදින කඹයක් තිබුණා ස්ලැබ් එක උඩ දාලා.
දවසක් පුරුදු විදිහට හර්ෂ ඇවිත් වතුර බට දිගේ , වහළ දිගේ නටනවා. එක පාරට උඩ
තට්ටුවේ එල්ලී එල්ලී තිබුණ කඹේ දැකලා එල්ලුනා. නිකම්ම තිබුණ කඹේ හර්ෂත් එක්කම බිම.
අපමණ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හර්ෂ ගස් වලට පැනලා නොපෙනී ගියා!
තුන්වෙනි හතරවෙනි
අවුරුදු වල අපි ජේ. පී . හෝල් එකේ . අපරාදේ කියන්න බෑ එහෙදි නම් අපි එයාලගේ තැනට ආව
විදිහට තමා රිලව් අපට සැලකුවේ. දවල් එකට තියන ලෙක්චර්ස් වලට යන්න කලින් අර මනමාලි
එළියට බහිනවා වගේ රතිඤ්ඤා පත්තු කරගෙන තමයි කට්ටිය යන්නේ. ඒ සද්දෙට කොරිඩෝවල
පවත්වන මහා සභා රැස්වීම ඉබේම විසිරිලා ගස් වල එල්ලෙනවා. ඉතුරු හරිය රතිඤ්ඤා ශබ්දය
ඇසී විනාඩි විස්සක් ගෙවුණ පසු ආපසු පැවැත්වේ.... නැවතත් රතිඤ්ඤා හඩ ... නැවතත්
විසිර යාම. ඔය වගේ තමා.
අපේ කාමර වල එළියේ
බැල්කනි එකට ඇරෙන දොරකුයි, ජනේලයකුයි තියෙනවා. හදිසියේ හරි ඒක වහන්න අමතක වෙලා
ගිහින් තිබුණොත් කාමරේ බිත්ති හතර විතරයි අපි ආපහු බලාපොරොත්තුවෙන් එන්නේ. එහෙම
වුණා එක දවසක්. අපි ලෙක්චර්ස් ඉවර වෙලා එනකොට රිලව් තුන් හතර දෙනෙක් කාමරේට පැනලා
අපේ ඇඳ යට තිබුණ අලිපේර බාගෙට කාලා, බිත්තර බිඳලා ඇඳ උඩ. සීනි හලලා, බිස්කට් නම්
තිබ්බ තැනවත් නෑ. එක්කනෙක් පේෂල් කරගෙන ඉන්නවා අපේ කිරිපිටි වලින්. මදිපාඩුවට අපේ ගුරුලේත්තුව
කෑලි වලට බිඳලා. ඒ වතුරේ පනිනවා , ඇඳන් උඩට පනිනවා.
සමහර වෙලාවට අපේ පනා ,
කන්නාඩි අරගෙන හොරෙන් පනිනවා . ගස් වලට
වෙලා කන්නාඩියෙන් බල බලා පනාවේ අනික් පැත්තෙන් කොණ්ඩේ පීරනවා. සමහර වෙලාවට අපේ
ඇඳුම් ඇඳගන්නවා හරිම පිලිවෙළට. ගවුමේ අතින් දානවා ඔලුව . එතකොට අර වෙඩින් වලට
ඇන්දා වගේ ඇඳුම දිගට තියනවා. ඊට පස්සේ වහලේ දිගේ හොල්මන වගේ පැන පැන යනවා ගවුම
පැටලෙන කල්.
ජේ.පී එකේ තිබුණ පොකුණේ
හිටියා ඉබ්බෙක්. දවල්ට නලපාන ජාතකයේ
අළුත්ම වර්ෂන් එක එතන රඟ දැක්වෙනවා. රිලව් ඇවිත් පොකුණට බැහැලා නාන ගමන් ඉබ්බව
අල්ලලා එළියෙන් තියනවා. ඒ ඉබ්බත් ටිකක් වෙලා කටුව ඇතුළේ ඉඳලා පනිනවා පොකුණට. හරියට
බලාගෙන හිටියා වගේ රිලවෙක් ඇවිත් ඒ ඉබ්බා පොකුණේ පතුළේ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා
තියෙද්දී ආපහු දෝතින් බදා එළියේ තැන්පත් කරනවා.
රිලා අත්දැකිම් වලින් මම
ආසම මේකට. අපේ හොස්ටල් එක සුද්ද කරන කෙනෙක් හිටියා . නම මුත්තු වගේ මතක. සුද්ද
කරනවා කීවාට බොරුවේ හොඳම එක. ආයි වෝඩ්න්ටවත් බය නෑ. බොරුවට බාත් රූම් වලට වතුර
දෙකක් ගහලා අපිටත් පාට් දාලා වෝඩ්න්ටත් පාට් දාලා දවසම විට කකා ඉඳලා යනවා. මිනිහා
දවසක් එනවා උදේම කාට හරි බැන බැන. ඒ වෙලාවේ කොරිඩෝවේ මුල්ලේ තියන බින් එකේ රිලවු
පිරිලා. අපි අනික් පැත්තේ ඉදන් දන්න විදිහට කීවා රිලව් ඉන්නවා එන්න එපා කියලා.
" මොනවා මේ නාන
කාමරේ.. මම සුදු වෙන්න මැදලා ගියේ. ඔය මිසීලට ඕන ඕන විදිහට මට බෑ මේවා අතුල්ලන්ට
" මුත්තු හිතුවේ අපි බාත් රූම් එක
සුද්ද කරන්න කීවා කියලා.
එහෙම කියාගෙන හැරෙන කොටම
එතන රිලව්. පාර්ශව දෙකම බයවුණා. රිලව් පැන්නා මුත්තුගේ ඇඟට. මුත්තු පැන්නා බාගෙට
ඇරලා තිබ්බ කාමරේකට.
හදිසියේ ඇති වුණ රිලා සහ
නූතන වානරයාගේ ආගමනයෙන් උද්දාමට පත් උපාධි අපේක්ෂිකාවන් ගිරිය යටින් නැගූ ඔල්වරසන්
හඩ පේරාදෙණියේ අනන්‍යතාව කියාපෑවා.
මිනිසා සැබවින්ම පැවත
එන්නේ රිලවුන්ගෙනි!
Anuja Dharmasiri
ReplyDeleteමතකද දවසක් මෙඩ්ඩෝ පාඩම් කරන කොමන් රූම් එකට රිලව් පැනලා. ඇට කටු, ඉස්කබල් උඩ දානවා. ඒ කෙල්ලෝ කෑ ගැහුවේ හරියට තමන්ගේ ඇටකටු පොඩි කළා වගේ
Thushari Tilakaratne
ReplyDeleteවිභාගේ ළංවෙලා අපි කෑම උයන්නේ නෑ. එහෙම දවසක මම කැන්ටින් එකෙන් රොටී අරගෙන එද්දී රිලව් මං පස්සෙන් පැන්නුවා. මට අමතක වුණා රොටී ටික විසි කරන්න. මම වැටිලා මූණ තුවාල වෙලා සතියක් හෙල්ත් සෙන්ටර් එකේ හිටියා. හොඳකට තිබුණේ මම කරදරයක් නැතුව පාඩම් කරගත්තා ඒ දවස්වල.
Roshana Weerasinghe
ReplyDeleteYeps.... How many times I have faced difficulties because of these idiots! They make many troubles to us because our hostel was bit far away with others. They come and ruin everything.
Subhani Gamage
ReplyDeleteWhy don't you mention the way you chase them with the sweep!!!
Ashanthi Rathnasekara
ReplyDeleteYes Nangi, when you come to the uni , we were final years. During my second year I stayed with my aunty at Pilimathalawa because of your sweet monkeys . They always carry our things at Sangamittha . So I decided to say good bye to my hostel life. Great Animals !
This is a story about "Rilaw vs Rilaw"... natural that they visit their kith and kin (rilawiyan) nothing strange!!!!
ReplyDeleteIndika Arundathie Gamage
ReplyDeleteWow! Lovely Renu! But we never knew this nè
It is my fault then. I have talked about all the unnessary things but your relations!
DeleteIndika Arundathie Gamage
DeleteHa.ha..will catch you with the relatives!!😀