මළ ගෙදරක දී හිතවත් වුන යෙහෙළියෝ දෙන්නෙක්
කතාවට වැටුනා. පුරුදු
විදියටම කාළගුණේ ගැන කතා කළේ ඉස්සරලාම. බැලූ බැල්මටම එක්කනෙක් වයසින් වැඩිමල්
අවුරුදු හැටක් විතර. හැබැයි කතාවට දක්ෂයි. බාල කෙනා ඇහුම්කන් දෙන්න කැමති කෙනෙක්
වගේ පෙනුනා.
“මේ මැරිලා
ඉන්නේ මගේ නෑනා. ඒ කියන්නේ මගේ මහත්තයාගේ අක්කා. ඔයාගේ නෑදෑකම මොකද්ද?” වැඩිමලා ඇහුවා.
“නෑ කමක්
තියනවා . ඒත් හිතවත් කම ඊට වැඩි.”
“අනේ මගේ නෑනා
වුනත් මේ කියන්නේ මම නම් කිසිම පයුරුපාසානමක් තියාගත්තේ නෑ. ඒ වුනත් නෑදෑකම නිසා
මේ ආවා……….”
අනික් කෙනා පුදුමෙන් බැලුවා. ඒ බැල්මෙම තිබුණා එහෙම කියන්නේ ඇයි කියලා. වැඩි
ආරධනාවක් නැතුවම වැඩිමලා කතාව පටන් ගත්තා.
“මම බැඳලා
එනකොට මේ නෑනා බැඳලා නෑ. බඳින්න කල්පනාවක් වත් නොතිබුණේ බණ භාවනා කරලාම ඔලුව නරක්
වෙලා නිසා. අපේ මගුල් ගෙදර දවසේ ඇඳගෙන හිටියේ සුදු පාට වගේ සාරියක්. මම ඒකෙන්ම
දැනගත්තා හැටි! උදේ හවස මල් පූජා කරනවා මටත් කතා කරනවා. මම ඉතිං පවු කරන්නේ නැති
නිසා මල් ඔය පන්සල් බදාගෙන ඉන්න ඕන වුනේ නෑ. අපි බැන්දා විතරයි එයා වෙනම පදිංචි
වුනා. අළුත් පවුලට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕන නිසා එහෙම වෙන් වුනා කියලා තමා කීවේ . ඒ උනත් මට
තේරුණා කපටි කම. තනියම ආදායම අරගෙන අපිට එක්ක උයලා පිහලා දෙන්න වෙයි කියලා තමා
වෙන්වුනේ. මහත්තයාගේ අම්මා ජීවත් වෙලා හිටියා. එයා දේපල සමව අක්කටයි මල්ලිටයි
බෙදලා තිබුණේ. ඒක වැරදිනේ. තනිකඩ ගෑණිට මොකටද ඔය තරම් දේපලක්. අනික පිරිමියාට
එපැයි වැඩියෙන් දෙන්න. නැන්දම්මත් අක්කා එක්ක ඒ ගෙදරටම ගියා. අක්කා එයාව එතෙන්ට
ගත්තේ නැන්දම්මාට පෙන්ෂන් එක තිබුණ නිසා. පෙන්ෂන් එක අපි දෙන්නා ගනීවි කියලා බය
හිතෙන්න ඇති. අපිට ළමයි හම්බවුනාට පස්සේ වත් අපේ ගෙදර නවතින්න ආවේ නෑ. ළමයි බලලා
දෙන්න වෙයි කියලා. ඒ වෙනුවට මට වැඩකාරයෝ හොයලා දුන්නා. උන්ට පඩි ගෙව්වෙත් එයාලා.
එහෙම කළේ අපිව පාලනය කරන්න. ඒ මදිවට අපේ ළමයි වත් රවට්ටාගෙන හැම තිස්සෙම ඒ ගෙදරට
ගෙන්නා ගත්තා අපේ ගැන කේලම් කියන්න. පොඩි වුන් මොනවා දන්වාද ? උන් හැම තිස්සේම අත්තම්මේ
නැන්දේ කියාගෙන පස්සෙමයි. මට හදන දෙයක් ආසාවට කන්නෑ. ඇයි හැම තිස්සේම බඩ පුරවනවනේ
නෑනා.
මට එපාම වුනේ ඒ ගෙදර වතු පාලනය කරන්න. අපිට
ලියලා දුන්නානම් අයින් වෙන්න එපැයි. ඒ වත්තේ වැඩ කරන ඒවා ලේසි කරන්න කියලා ගමේම
මිනිස්සු ගෙන්නා ගෙන පොහොර දම්මනවා, ගස් කප්පාදු කරනවා. ඒ මිනිස්සු එක්ක නෑනා
හරිහරියට වැඩ කරනවා. අනේ මම නම් පැත්ත බලන්නෑ. හැන්දෑවට මට ඇහෙන්නත් එක්ක මහත්තයා
එක්ක කියනවා එයා කරපු හරිය. මම අතගහන්නේ නැත්තේ මම තණ්හාවට ඕවා බදා ගත්තා කියයි
කියලා. ලෝකෙට පේන්න ඕන නිසා සතයක් නෑර ඒ ආදායම මගේ මහත්තයා අතට දුන්නා.
නැන්දම්මා මැරුණා. වැඩේ කියන්නේ ඔච්චර තණ්හා
කාරී කිසි දුකක් විඳින්නේ නැතුව මැරුණේ. අර නෑනා නෙවේ එක කඳුලක් හෙළුවේ. ගමේ මිනිස්සු කීවේ බණ දහම්
දන්න කෙනා කම්පා වෙන්නේ නෑ අම්මත් එක්ක ඒ තරම් ආදරෙන් ජීවත් වුනා , හැම යුතුකමක්ම
කළා ඒ හින්දා අඩන්න ඕන නෑ කියලා.
අම්මට පින්සිද්ද වෙන්න කියලා නැති බැරි
මිනිස්සුන්ට උදව් කළාට ඒ ඔක්කොම කළේ ලෝකෙට පේන්න. ඉඩම් වලින් කොටසක් ආපහු මගේ
මහත්තයට ලීවේ ඒ ඔක්කොම බදා ගත්තා කියලා එයාගෙම හිත එයාට වද දුන්න හින්දා.
මම පුළුවන් තරම් කල් මේවා ඉවසන හිටියා. මට ඉහුලුම්
නැති වුනේ කොහෙදෝ යන කාලකන්නි පවුලක් ගෙන්නගෙන ගෙදර නවත්තා ගත්තට පස්සේ. ඈතින්
නෑදෑකමයක් තියනවලු. ළමයි තුන්දෙනා එක්ක අසරණ වෙලා කියලා මෙයා ඒ ළමයිගේ අම්මත් එක්ක
ළමයි තුන්දෙනාම ගෙනත් තියා ගත්තා. අපේ මහත්තයත් උන්ට අනුකම්පා කරා මිසක එක වචනයක්
කීවේ නෑ. ඒ ගෑණි මායම්කාරි. තමන්ගේ මිනිහා දාලා ගියේ වැරැද්දක් නිසානේ. ළමයිනුත්
කන්න නැති වුනත් ඉටි රෑප වගේ. මම නම් කිසිම ආශ්‍රයක් තිබුණේ නෑ. උන් ඔක්කොම මායමට
මම දැක්කම බිම බලාගෙන අයින් වෙනවා. අපේ ළමයිනුත් උන්ට අක්කේ අය්යේ කියාගෙන පස්සෙන්
වැටෙනවා. පාඩම් පොත් අරගෙන දුවන්නෙත් එතෙන්ට. මට ටික දවසක් යන කොට ඒ ගෙදර එපා
වුනා. මම බලකරලාම කියා හිටියා ළමයි කොළඹ ඉස්කෝලෙකට දාමු කියලා. ඒ විදිහට අපි කොළඹට
වුනා. මම මේ ආවේ අවුරුදු විස්සකට පස්සේ. ඒත් නෑනා මැරුණ නිසා.“
බාල තැනැත්තිය බාගෙට ඇරුණු කට වහගන්න බැරුව
බලා හිටියා.
“ඉතිං නංගි. ඔයා නම් මේ පළාතේ කෙනෙක් නෙවේ
වගේ. මට දැකලා හුරුවක් ඇත්තෙම නෑ..........“
“මම දැං ඉන්නේ නුවර. මගේ මහත්තයාගේ ගමේ. මං
පොඩි කාලේ ඉඳලාම ගොඩාක් දුක්වින්දා. අපිට හිටියේ අම්මා විතරයි. අපි තුන්දෙනා
තාත්තා නැතුව ජීවත් වෙන්න පුරුදු වුනේ අපේ අම්මා හින්දා. අම්මා ගොඩක් ලස්සනයි. ඒත්
අම්මට ජීවිතේට ඕනම කෙනා ළඟ හිටියේ නෑ. අපි දවස් දෙක තුන නොකා හිටියා. ඒත් ඉස්කෝලේ
ගමන නැවැත්තුවේ නෑ. අන්තිමට ඉස්කෝලෙනුත් ප්‍රශ්ණ ආවා අපේ අඩු පාඩු කම් නිසා.
අම්මගේ දුරින් නෑ කමක් තියන අක්කා කෙනෙක්
අපිට පිහිට වුනා. එයා බැඳලා නෑ. අපි හතර
දෙනා බාර අරගෙන අපිට ඉගැන්නුවා. අපිට ආරක්ෂාව දුන්නා. අපිට නැතිවුන හැම
දෙයක්ම දුන්නා. අපි තුන්දෙනාම හොඳින් ඉගන ගත්තා. මල්ලි දොස්තර කෙනෙක් වුනේ ඒ ලොකු
අම්මා නිසා. මම දැං අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් . අනික් නංගි පිටරට ගියා වැඩි දුර
ඉගන ගන්න. අම්මා කියන්නේ අම්මගේ ජීවිතේ හමුවුන උතුම්ම කෙනා ලොකු අම්මා කියලා. ඒ
වගේ අනික් අය ගැන හිතන , අනිත් අයගේ දුකට පිහිට වෙන, කිසි දේකට ලෝබ කම් නොකරන
කෙනෙක් මට තාම මට හමුවෙලා නෑ. කරුණාව පිරුණු හදවතක් ලොකු අම්මාට තිබුණේ.“
“ එහෙම අයත් මේ ලෝකේ ඉන්නවද? හොඳයි කොයි දැං
ඒ ලොකු අම්මා ?
“ඒ ලොකු අම්මා තමා මේ......“ බාල යෙහෙළිය
කඳුළු නවත්තා ගන්න උත්සාහ ගන්න ගමන් නිසල වුන සිරුර පෙන්නුවා.
I read this WENASA twice. Thank You
ReplyDeleteThanks for reading
ReplyDeleteLike • Reply • March 21 at 1:09pm
ReplyDeleteRemove
Sujeevi Alexander Gamage අපූරු ගෙතුමක්... !!
Like • Reply • March 21 at 2:10pm
Remove
Renu Tennakoon Thanks darling. you read all my posts and comment
Like • Reply • March 21 at 6:10pm
ReplyDeleteDul Rathnayake a true story ? i like ur style remind me sunethra rajakaruna
Like • Reply • March 21 at 3:37pm
Remove
Renu Tennakoon yes Dul. I recently experienced. Hey sunethra Rajakaruna is my no 1 writer. A big salute for the comment
Like • Reply • 1 • March 21 at 6:13pm
Remove
Dul Rathnayake kapila told me that he too like your story and asked me tell you anyhow and said the story was written nicly
Like • Reply • March 21 at 7:28pm
Remove
Renu Tennakoon tell kapila that I glad to hear his comment
ReplyDeleteRemove
Malkanthi Jayarathne හරිම අපූරුයි.
Like • Reply • March 21 at 8:53pm
Malkanthi Jayarathne replied • 2 Replies
Remove
Renu Tennakoon thanks tiki